Sunday, September 22, 2024

General line - 0115112241

වාහන සේවා සැපයුම් ස්ථානයකට මුද්‍රා තබයි




විදුලිසැර වැදී සේවකයෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැලිගම හල්ලල මංසන්ධියේ වාහන සේවා සැපයුම් මධ්‍යස්ථානයකට මුද්‍රා තබා තිබෙනවා.

විදුලිසැර වැදීමෙන් එහි සේවකයෙකු මියගොස් තිබුණේ ඉකුත් 26 වැනි දිනයි.

ඔහු මාපානවත්ත ඇල්ලගොඩ ප‍්‍රදේශයේ පදිංචිව සිටි තිස්දෙහැවිරිදි දෙදරු පියෙක්.

මුද්‍රා තැබුණු සේවා ස්ථානයේ විදුලි සැපයුම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය මගින් පරීක්ෂණයක් සිදු කිරීමට ද නියමිතයි.