Wednesday, April 24, 2024

General line - 0115112241

ඔලිම්පික් කී‍්‍රඩකයෙකු ජාතික තරගාවලිය අතහරී




94 වැනි ජාතික මලල කී‍්‍රඩා ශූරතා තරගාවලියේ අද (10) දිනයේ පැවැත්වෙන පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වට සහභාගි නොවීමට ඔලිම්පිික් වරම් දිනූ සුමේධ රණසිංහ තීරණය කර තිබෙනවා.

ඔහුගේ පුුහුණුකරු වන ප‍්‍රදීප් නිශාන්ත මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ දියගම මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේ හෙල්ල විසි කිරීම ඉසව්ව පැවැත්වෙන ස්ථානයේ පවතින අවදානම් තත්ත්වය හේතුවෙන් ඔහුට එ් සඳහා සහභාගී නොවන ලෙස තමන් උපදෙස් දුන් බවයි.

ඊයේ (09) පැවති කාන්තා හෙල්ල විසි කිරීමේ ඉසව්වේදී නදීකා ලක්මාලි ඇතුලූ කී‍්‍රඩිකාවන් මෙම අවදානම් තත්ත්වය නිසා ලිස්සායෑමට ලක් වූ බවයි ප‍්‍රදීප් නිශාන්ත මහතා පැවසුවේ.

පරිසාධන මට්ටම ඉක්මවමින් ඔලිම්පික් වරම් දිනා සිටින සුමේධ රණසිංහ ආබාධයකින් තොරව එ් සඳහා සහභාගි කරවීම තම අරමුණ බවයි ඔහුු වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර 94 වැනි මලල කී‍්‍රඩා ජාතික ශූරතා තරගාවලිය ආරම්භක දිනයේම දියගම මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේ ඇති ඉලෙක්ට්‍රෝනික කාල ගණන යන්ත‍්‍ර අකි‍්‍රය වීම නිසා ධාවන ඉසව්වලට එක් වූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් රැසක් දැඩි අපහසුතාවන්ට ලක් වුණා.

මෙය ඔලිම්පික් පරිසාධන මට්ටම් අපේක්ෂාවෙන් සිටින ක්‍රීඩක කී‍්‍රඩිකාවන් රැසකට සිදු කළ මහත් අසාධාරණයක් බවයි ප‍්‍රදීප් නිශාන්ත මහතා පැවසුවේ.

දියගම මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේ තිබෙන කෘතිම ධාවන පථයද මේ වන විට අන්තර්ජාතික ප‍්‍රමිතියකින් නොමැති බවයි කී‍්‍රඩා විචාරකයින් පවසන්නේ.