Monday, March 20, 2023

General line - 0115112241

ට්‍රම්ප් එපා කියන අමෙරිකානුවන්ට පොලිසියෙන් ප්‍රහාර (VIDEO)




අමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට විරෝධය පළ කරමින් එරට ප‍්‍රධාන නගර කිහිපයකම තවමත් උද්ඝෝෂණ සිදු කෙරෙනවා.

නිව්යෝර්ක් නුවර පමණක් උද්ඝෝෂණ පාගමන් දෙදහසක් පමණ සිදු කර ඇති බවයි විදෙස් පුවත් මාධ්‍ය පවසන්නේ.

උද්ඝෝෂකයින් විසුරුවා හැරීම සඳහා ඇතැම් අවස්ථාවල දී කඳුළුගෑස් ප‍්‍රහාර එල්ල කිරීමට ද පොලිසියට සිදුව තිබෙනවා.

විරෝධතා පා ගමන් හේතුවෙන් එම නගරවල සාමාන්‍ය ජන ජීවිතයට බාධා එල්ල වී ඇති බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

මේ අතර අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඞ් ට‍්‍රම්ප් දිවුරුම් දීමට නියමිතව ඇත්තේ ලබන වසරේ ජනවාරී මස 20 වැනිදායි.