Thursday, April 18, 2024

General line - 0115112241

ජල ගාස්තුව නිසා කඩ කෑමත් වැඩි වෙයි ලු




දෙසැම්බර් මස පළමු වැනිදා සිට ජල ගාස්තුව වැඩි කිරීමට ගෙන ඇති තීරණය වහාම හකුලා ගන්නැයි පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

එහි සභාපති රංජිත් විතානගේ සඳහන් කළේ අයවැය තුළින් බදු පනවා ජනතාව පීඩාවට පත් කළ අවස්ථාවකදීම ජල ගාස්තුවද වැඩි කිරීම කණගාටුදායක බවයි. මධ්‍යම පාන්තික ආදායම් ලබන සාමාජිකයින් හතර දෙනෙකු හෝ හය දෙනෙකු ජීවත් වන පවුලකට මෙම ජල ගාස්තුවෙන් රුපියල් 800 ක පමණ ගාස්තු ඉහළ යෑමක් සිදු විය හැකි බවත් සඳහන් කළා.

ජල ගාස්තුව වැඩිවීමෙන් තවත් බොහෝ දෑවල ද මිල වැඩිවිය හැකි බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

විශේෂයෙන්ම ආහාරවල මිල මේ නිසා වැඩිවිය හැකි බව අවධාරණය කෙරුණා.