Saturday, April 27, 2024

General line - 0115112241

හොර කම්කරු නිලධාරියා අල්ලස් ගෙන මාට්ටු




කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් තලාව ප‍්‍රදේශයේ පෞද්ගලික ව්‍යාපාරික ස්ථානවල හිමිකරුවන්ගෙන් අල්ලස් ලබාගත් බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු පෙනී සිට ඇත්තේ තමන් කම්කරු දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කාර්යාලයේ නිලධාරියෙකු ලෙසයි. ඔහු ව්‍යාපාරික ස්ථානවල ලිපිගොණු පරික්‍ෂාකර ඒවායෙහි ඡායාපිටපත් ලබාගෙන තිබෙනවා.

කිසියම් ව්‍යාපාරිකයෙකු සේවක අර්ථසාධක හෝ පාරිතෝෂිත මුදල් නිසියාකාරව ගෙවා නොමැති බව අනාවරණ වුවහොත් ඔවුන්ට එරෙහිව නඩු පවරන බවට තර්ජනය කර අල්ලස් ලබාගෙන ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

43 හැවිරිදි වියේ පසුවන සැකකරු එප්පාවල, ඉහළ හල්මිල්ලෑව, රත්තොට ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.