Thursday, April 25, 2024

General line - 0115112241

‘ආවා’ කල්ලියේ බවට අත්අඩංගුවට ගත් තරුණයින්ගේ ඥාතීන් මානව හිමිකම් කොමිසමට




යාපනයේදී ඉකුත් සතියක කාලය තුළ ‘ආවා’ කල්ලියේ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගත් තරුණයින්ගේ ඥාතීන් පිරිසක් යාපනය මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි ගොණුකර තිබෙනවා. ඒ, ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ නීතිවිරෝධී බව පවසමින්.

පැමිණිලි ගොණු කිරීමෙන් පසු මෙම තරුණයින්ගේ ඥාතීන් පැවසුවේ තරුණයන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බවයි.

ඉකුත් සතියක කාලය තුළ පමණක් ආවා කල්ලියේ බවට පවසමින් තරුණයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගනු ඇතැයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ යාපනය දිස්ති‍්‍රක් විමර්ශන නිලධාරි තංගවේල් කනකරාජ්ගෙන් විමසීමක් කළා. එම හඬපටය පහතින් ඇසිය හැකියි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ ලැබී ඇති පැමිණිලි 11 ක් සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවයි.