Friday, April 26, 2024

General line - 0115112241

අධිකරණ සේවා නිලධාරීන් 70කට ස්ථාන මාරුවීම්




ලබන වසරේ ජනවාරි මාසයේ සිට කි‍්‍රයාත්මක වන පරිදි අධිකරණ සේවා නිලධාරීන් හැත්තෑ දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. ඒ, අධිකරණ සේවා කොමිසම මගින්.

ඒ අනුව දිසා විනිසුරුවරුන්, අතිරේක දිසා විනිසුරුවරුන් සහ මහේස්ත‍්‍රාත්වරුන්ට ජනවාරි පළමු වනදා සිට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි පැවසෙන්නේ.

වාර්ෂික ස්ථාන මාරුවීම් ලබාදීමේ වැඩසටහන යටතේ මෙය කි‍්‍රයාත්මකයි.