Thursday, April 25, 2024

General line - 0115112241

බස් වර්ජනය හදිසියේ අත්හිටුවයි (UPDATE)




අද (14) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට තිබූ පෞද්ගලික බස් වර්ජනය හදිසියේ අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

එ් අද පස්වරුවේ මුදල් අමාත්‍ය රවි කරුණානායක සමග පැවැති සාකච්ඡාකින් අනතුරුවයි.

සිය සංගමය ඉදිරිපත් කළ යෝජනා හෙට (15) දිනයේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යවරයා ප‍්‍රකාශ කළ බවයි පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න නෙත් නිවුස් වෙත පැවසුවේ.

කෙසේවෙතත් මෙය තාවකාලික තීරණයක් බවයි පැවසුනේ.

 


බස් වර්ජනය ස්ථිරයි – අද මධ්‍යම රාත්‍රියේ සිට අරඹයි

(Nov 14, 2016 @ 14:56)

අද (14) මධ්‍යම රාති‍්‍රයේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය ස්ථිර වශයෙන්ම සිදු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ මධ්‍යම රාති‍්‍ර 12.00 ට සියලු පෞද්ගලික බස් සංගම් මෙම වර්ජනයට එක්වන බවයි.

අද දහවල් පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා.

රථ වාහන අවම දඩය රුපියල් 2500 දක්වා ඉහළ දැමීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය කි‍්‍රයාත්මක කෙරෙනවා.

මේ අතර සමස්ත ලංකා පාසල් ළමුන් ප‍්‍රවාහන සංගමය සහ සමස්ත ලංකා ති‍්‍රරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයද මෙම වර්ජනයට විවිධ අයුරින් සහාය ලබාදීමට එකඟ වී තිබෙනවා.