Saturday, April 20, 2024

General line - 0115112241

උතුරේ ‘භාෂාව’ ගැන මහඇමති පනතක් ගේන්න යයි




උතුරු නැගෙනහිර වෙසෙන සිංහල සිසුන් දෙමළ භාෂාවත් දෙමළ සිසුන් සිංහල භාෂාවත් ඉගෙන ගැනීම අනිවාර්ය කිරීමට පළාත් සභා පනතක් ගෙන එන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසනවා.

ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ යාපනය නල්ලූර් හින්දු විද්‍යාලයේ අද  (14)  පැවති ත්‍යාග ප්‍රධාන උත්සවයක් අමතමින්.

සිංහල හා දෙමළ යන භාෂාවන් දෙකම රාජ්‍ය භාෂාවන් බැවින් උතුරු නැගෙනහිර සිංහල රජයේ සේවකයින්ට දෙමළ භාෂවත් දෙමළ සේවකයින්ට සිංහල භාෂාවත් ඉගෙන ගැනීම අනිවාර්ය කිරීමට පළාත් සභා මගින් නීතිරීති පනවන බවද ප්‍රධාන අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් පවසා සිටියා.

ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සිංහල හා දෙමළ භාෂා දෙකම දැනගෙන සිටීම සංහිදියාව වර්ධනය වීමකට වඩා ඉතා ඉහළ රැකියාවක නිරත වෙමින් රටතුළ ජීවත් වීමට පහසු තත්ත්වයක් ඇති කරණ බවයි.

ශ්‍රී ලංකාවේ සිසුන් රටතුළ ක්‍රියාත්මක භාෂාවන් අතහැර දමා ප්‍රංශ, රුසියානු, චීන වැනි විදේශ භාෂාවන් ඉගෙන ගැනීමට වැඩි ප්‍රවණතාවයක් දක්වන බවද ඔහු සඳහන් කළා.

රටතුළ ක්‍රියාත්මක වන භාෂාවන් නොදන්නාකමින් සිංහල දෙමළ වැසියන් අතර සැකය හා අවිස්වාසය ඉස්මතු වන බවද ඔහු පෙන්වා දුන්නා.