Monday, March 20, 2023

General line - 0115112241

තෙමහල් ගොඩනැගිල්ලකින් වැටී සිසුවියක් රෝහලේ




ඉපලෝගම ප‍්‍රදේශයේ පාසලක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබු සිසුවියක් තෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලෙන් වැටී බරපතල තුවාල ලබා තිබෙනවා.

කැකිරාව රෝහලට ඇතුළත් කෙරුණු ඇය වැඩිදුර ප‍්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඇය උඩුමහලෙන් පැන්නාද, නැතහොත් කිසියම් අයෙකු ඇය තුන් වන මහලෙන් තල්ලු කලාද යන්න පරික්ෂණ කි‍්‍රයාත්මක බව පොලීසිය පැවසුවා.