Saturday, September 21, 2024

General line - 0115112241

පොලිසියට වෙඩි තැබීම පිටුපස ‘රොහා’




කුරුණෑගල ප‍්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකුට මරු කැඳවමින් සහ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තුවාල සිදුකරමින් වෙඩි තැබීමක් සිදුකළ කණ්ඩායම මෙහෙයවා ඇත්තේ පාතාල නායකයෙකු බව හෙළි වී තිබෙනවා.

ඔහු දේමුණි හැරල්ඞ් රෝහණ ද සිල්වා හෙවත් ‘රොහා’ නමැත්තායි. මෙම පුද්ගලයා අඟුලාන ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඉකුත් ජුනි මාසයේදී අධිකරණයේ පෙනී සිට යළි එමින් සිටි සුරේෂ් අසංක නොහොත් ‘ලන්සියා’ නමැත්තා වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ද ඔහු විසින් බවයි අනාවරණ වී ඇත්තේ.

දේමුණි හැරල්ඞ් රෝහණ ද සිල්වා හෙවත් ‘රොහා’ නමැත්තා වෙලේසුදා සහ දෙමටගොඩ කමල් යන පුද්ගලයින් සමග මත්කුඩු ජාවාරමේ නිරත වී ඇති බවට ද තොරතුරු හෙළි වී තිබෙනවා.

කුරුණෑගල වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි වාහනය මොරටුව ප‍්‍රදේශයේ හිමිනමකට අයත් එකක් බවයි පොලිසිය පැවසුවේ.

වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා තවදුරටත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. එක් පොලිස් නිලධාරියෙකුගේ පෙණහැල්ලක් ද ඉවත් කර ඇති බවයි රෝහල් ආරංචි කියා සිටියේ.