Saturday, September 21, 2024

General line - 0115112241

“උසාවියක් නෙමෙයි තමයි – උසාවි කටයුත්ත පහසු කළා”




ප‍්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කෝප් වාර්තාව තවත් ලියවිල්ලක් පමණක් නොකර නැවත නැවත විවාදයට ගෙන එහි නිර්දේශ කි‍්‍රයාත්මක කිරීමේ තත්ත්වයට පත්කළ යුතු බව අවධාරණය කෙරෙනවා.

‘මාර්තු 12’ ව්‍යාපාරය කොළඹ ඊයේ (16) පැවැත්වූ සම්මන්ත‍්‍රණයකදී හිටපු විගණකාධිපති සරත් මායාදුන්නේ ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වූවා.

කෝ්ප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති ද මෙම සම්මන්ත‍්‍රණයට එක්ව සිටියා. ඔහු පැවසුවේ අදාළ වාර්තාව කි‍්‍රයාත්මක නොකර පසෙකට දැමීමට නොහැකි වන පරිදි ශක්තිමත් නිර්දේශ කිහිපයක් එහි ඇතුළත් කර ඇති බවයි.

කෝප් කමිටුව යනු අධිකරණයක් නොවන බවට ද ඒ නිසා එහි වාර්තාව අවසානාත්මක විය නොහැකි බවට ද ඇතැම් පාර්ශ්ව තර්කයක් ඉදිරිපත් කරනවා. සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා ඊට ද ප‍්‍රතිචාර දැක්වමින් සඳහන් කළේ කෝප් කමිටුව උසාවියක් නොවන බව තමාද පිළිගන්නා බවයි. එහෙත් බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් රජයට අධිකරණ කටයුතු පහසු කර ගැනීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් මෙම වාර්තාව හරහා ලබා දී ඇති බවත් සඳහන් කළා.