Saturday, September 21, 2024

General line - 0115112241

මෙරට තරුණියන් ගණිකා වෘත්තියට මාලදිවයිනට යැවූ ජාවාරමක් හෙළිවෙයි (VIDEO)




ගණිකා වෘත්තීය සඳහා කාන්තාවන් මාලදිවයිනට විකිණීමේ ජාවාරමක් නෙත් එෆ්.එම්. බැලුම්ගල කණ්ඩායම විසින් ඊයේ (16) හෙළි කර ගත්තා.

ඒ, ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සමග එක්ව බත්තරමුල්ල ප‍්‍රදේශයේ කළ මෙහෙයුමකින්.

මේ සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය තලතා අතුකෝරළ අදහස් දක්වමින් සඳහන් කළේ මෙම ජාවාරම පිළිබඳව සිය අමාත්‍යාංශයට කරුණු අනාවරණය කෙරුණේ බැලුම්ගල වැඩසටහනින් බවයි. මෙවැනි කටයුතු දීර්ඝ කාලයක සිට සිදුවීම පිළිබඳව කණගාටු වෙන බවත් අමාත්‍යවරිය සඳහන් කළා.

අදාළ මෙහෙයුම පිළිබඳ වැඩි විස්තර අද ප‍්‍රචාරය වූ බැලුම්ගල වැඩසටහනින් හෙළි කෙරුණා.