Saturday, September 21, 2024

General line - 0115112241

බස් හිමියන් අතහැරිය සටන බස් සේවකයන් අරඹයි




මාර්ග වැරදි සඳහා දඩ වැඩි කිරීමට අයවැයෙන් ඉදිරිපත් වූ යෝජනාවට විරෝධය පළ කරමින් සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය මේ වන විට දිවයින පුරා වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

එහි කැඳවුම්කරු කුමාර රත්න රේණුක සඳහන් කළේ තමන් උපයන සුළු මුදලින් රුපියල් 2500 ක් වැනි මුදලක් ගෙවීමේ හැකියාවක් නොමැති බවයි. සිය දිනක වැටුප වන්නේ රුපියල් 800 හෝ 1000 ක් බවත් පෙන්වා දුන්නා. දැනට තිබෙන රුපියල් 550 දඩ මුදල පවා ගෙවා ගන්නේ අපහසුතා රැසක් මධ්‍යයේ බවයි ඔහු වැඩි දුරටත් අනාවරණය කළේ.

සිය වැඩවර්ජනය සම්බන්ධයෙන් පොලිසිය සහ බස් හිමියන් ද දැනුවත් කර තිබෙන බවයි බස් සේවකයින් වැඩිදුරටත් කියා සිටියේ.

මාර්ග වැරදි සඳහා දඩ වැඩි කිරීමට අයවැයෙන් ඉදිරිපත් වූ යෝජනාවට විරෝධය පළ කරමින් බස් හිමියන්ගේ සංගම් ද මීට පෙර වැඩවර්ජනයක් කැඳවනු ලැබුවා. කෙසේ වෙතත් මුදල් අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවෙන් පසුව ඔවුන් තීරණය කළේ එම වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමටයි.