Friday, March 29, 2024

General line - 0115112241

මුස්ලිම් අන්තවාදය මඩින්න ආ ට්‍රම්ප් ‘මුස්ලිම් පවුලකට දාව‘ ඉපදිලා – පාකිස්ථානු නාලිකාවක් හෙළිකරන ආන්දෝලනාත්මක කතා පුවත මෙන්න



ඇමරිකානු ජනාධිපතිවරණයේ උණුසුම මෙතෙක් පහව ගොස් නැත.

ඇමරිකාවේ ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් පත්වූ ඩොනප්ඩ් ට්‍රම්ප් පිළිබඳව විදෙස් මාධ්‍ය ඔස්සේ මේ වනවිටත් විවිධ කතා පුවත් වාර්තා වෙමින් තිබේ.

කෙසේ වෙතත් ඇමරිකානු ජානාධිපතිවරණ සමයේ පාකිස්ථානු රෑපවාහිනි නාලිකාවක් විසින් විකාශය කරන ලද පුවතක් සම්බන්ධයෙන් මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය තුළ දැඩි ලෙස කතාබහක් ඇතිව තිබේ.

එයින් කියැවුනේ ඩොනල්ඩ් ට්‍රම්ප් 1946 වසරේ පාකිස්ථානයේ උපත ලද බවකි.

නියෝ නිව්ස් නාලිකාව වැඩිදුරටත් පවසා තිබුණේ ට්‍රම්ප් 1946 වසරේ ‘මුස්ලිම් පවුලකට දාව‘ වසිරිස්ථානයේ දී උපත ලබා ඇති බවයි.

ට්‍රම්ප් කුඩා කාලයේදි හඳුන්වා ඇත්තේ ‘ඩාවුඩ් ඒබ්‍රහිම් ඛාන්‘ ලෙසයි.

ට්‍රම්ප්ගේ කුඩාකලයේ යැයි පැවසෙන ඡයාරූපයක්ද මෙහිදී වාර්තා කර තිබූ අතර, ඔහුගේ සැබෑ දෙමාපියන් මොටර් රථ අනතුරකින් මියගිය බවත්,පසුව බ්‍රිතාන්‍ය ජාතික පවුලක් විසින් 1955 වසරේදී ඔහුව ඇමරිකාවට රැගෙන විත් හදාවඩා ගත් බව වැඩිදුරටත් වාර්තා විය.

කෙසේ වෙතත් මෙම පුවත විකාරක් බව පවසමින් බොහෝ දෙනෙකු සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ සිය අදහස් දක්වා තිබුණි.

බැරැක් ඔබාමා ජනපති වූ සමයේදී මෙවැනිම වූ පුවතක් වාර්තාවූ අතර ඉන් කියැවුනේ ඔබාමා කෙන්යාවේදී උපත ලබා ඇති බවයි.

කෙසේ වෙතත් 2011 වසරේ පැවති මාධ්‍ය හමුවකදී ඔබාමා සිය උප්පැන්න සහතිකය පෙන්වමින් කියා තිබුනේ තමා කෙන්යාවේදී නොව ඇමරිකාවේ ප්‍රාන්තයක වන හාවායිහිදි උපත ලද බවයි.

ට්‍රම්ප්ගේ කුඩා කාලයේ යැයි වාර්තා වූ ඡායාරූපය..

3a5e5b3500000578-3935094-image-a-70_1479140558149

3a551b2400000578-3935094-image-a-71_1479140561513

3453645646

ඩේලි මේල් ඇසුරෙනි