Saturday, September 21, 2024

General line - 0115112241

වෛද්‍ය සේවා නිලධාරීන් අදත් වර්ජනයේ




අතුරු වෛද්‍ය සේවාවේ ශ්‍රේණි 8 ක නිලධාරීන් අද (17) දෙවන දිනටත් වැඩවර්ජනයක යෙදී සිටිනවා.

මේ නිසා රෝහල්වල සහ ක්ෂේත‍්‍රයේ සෞඛ්‍ය සේවා රැසක් අඩාල වී තිබෙන බවයි අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපති උපුල් රෝහණ පැවසුවේ.

අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ මෙම වැඩවර්ජනය කැඳවා තිබෙන්නේ ඖෂධ සංයෝජක තනතුර අතුරු වෛද්‍ය සේවාවට අන්තර්ග‍්‍රහණය කිරීමට විරෝධය පළ කරමින්.

කෙසේවෙතත්  තවත් කරුණු 4 ක් පාදක කරගනිමින් මෙම වර්ජනය දියත් කරන බවයි උපුල් රෝහණ වැඩි දුරටත් සඳහන් කළේ. ඉල්ලීම්වලට ප‍්‍රතිචාර දැක්වීම තවදුරටත් ප‍්‍රමාද කළහොත් ඉදිරියේදී අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.