Saturday, September 21, 2024

General line - 0115112241

ඉන්දීය මුදල් නෝට්ටු පෙරළියෙන් ලාංකිකයන් පීඩාවට




රුපියල් 500 සහ රුපියල් දහසේ පැරණි මුදල් නෝට්ටු අවලංගු කර ඒ වෙනුවට නව මුදල් නොට්ටු නිකුත් කරන්නට ඉන්දීය රජය ඉකුත් දා ගත් තීරණය නිසා වන්දනා සහ වෙනත් අවශ්‍යතා සඳහා ඉන්දියාවට ගොස් සිටින ශ‍්‍රී ලාංකිකයින් ද පීඩාවට පත්ව සිටිනවා.

ඉන්දියාවට යන විට ඔවුන් රැගෙන ගොස් තිබුණේ පැරණි රුපියල් 500 සහ රුපියල් දහසේ නෝට්ටුුයි. ඒවා බැංකුවලට ලබා දී නව මුදල් නෝට්ටු ලබාගැනීමට ඔවුන්ට දැන් සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් එක් පුද්ගලයෙකුට දිනකට බැංකුවකින් මාරුකර ගත හැක්කේ රුපියල් 2500ක් දක්වා වූ මුදලක් පමණයි. ඊට අමතරව ඒ.ටී.එම්. යන්ත‍්‍රවලින් දිනකට රුපියල් 4500ක් දක්වා මුදලක් මාරු කරගැනීමට හැකියාව ලැබෙනවා.

එහෙත් එම යන්ත‍්‍රවල ගබඩා කළ හැක්කේ සීමිත මුදල් ප‍්‍රමාණයක් බැවින් ඒවායෙන් මුදල් මාරුකර ගැනීමට හැකියාව ලැබෙන්නේ ද අඩු පිරිසකටයි.

මේ අනුව මුදල් මාරු කරගැනීම සඳහා බැංකුවල හෝ ඒ.ටී.එම්. යන්ත‍්‍ර ඉදිරිපිට දිගු පෝලීම්වල රැඳී සිටිමින් කල් මැරීමට ශ‍්‍රී ලාංකිකයින්ට සිදුව තිබෙනවා.

රුපියල් පන්දහසේ සහ රුපියල් දහසේ පැරණි මුදල් නෝට්ටු අවලංගු කර නව මුදල් නෝට්ටු හඳුන්වාදීමේදී එරට සිටි ශ‍්‍රී ලාංකිකයින් ඇතුළු විදේශිකයින්ට හෝ කිසිදු සහනයක් ඉන්දීය රජය විසින් ලබා නොදීම නිසා මෙම පීඩාවන් සිදුවන බවයි තානාපති සේවා පවසන්නේ.