Sunday, September 8, 2024

General line - 0115112241

සෙනසුරාදා ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ මෙන්න




කොළඹ අවට ප්‍රදේශ රැසකට ලබන 19 වන දා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

කොළඹ, දෙහිවල ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව නගරසභා බල ප්‍රදේශ, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රදේශීය සභා බල ප්‍රදේශ හා රත්මලාන යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

ලබන සෙනසුරාදා උදෑසන 9.00 සිට එදින රාත්‍රි 9.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.

අඹතලේ ජල පවිත්‍රාගාරය වෙත විදුලිය සපයන විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් නිසා මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුව තිබෙනවා.