Sunday, September 8, 2024

General line - 0115112241

පාසල් 48 ක ඩෙංගු මදුරු කීටයන්




කොළඹ දිස්ත‍්‍රික්කයේ පාසල් 48 ක ඩෙංගු මදුරු කීටයන් සහිත පරිශ‍්‍ර පවතින බව අනාවරණය කර ගැණුනා.

ඒ, සෞඛ්‍ය අමාත්‍යංශය පසුගිය 10 සහ 11 දිනවල සිදු කළ ඩෙංගු මදුරු මර්දන වැඩසටහනේදීයි.

අදාළ දින දෙකේ දී පාසල් 120 ක් පරීක්ෂාවට ලක් කෙරුණා.

එහි දී ඉදිකිරීම් කලාප 158 ක් ද පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

ඒවායෙන් 53කින් ඩෙංගු මදුරු කීටයන් හමු වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ.

එම පරිශ‍්‍ර පවත්වාගෙන ගිය 83 දෙනෙකුට නොතීසි නිකුත් කෙරුණා.

තවත් තිස් දෙදෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරනු ලැබුවා.

අදාළ දින දෙකේ දී කර්මාන්ත ශාලා ආශ‍්‍රිත පරිශ‍්‍ර 133 ක් ද පරීක්ෂාවට ලක් කෙරුණ බවයි සෞඛ්‍ය අමාත්‍යංශ කියා සිටියේ. එහි දී මදුරු කීටයන් සහිප පරිශ‍්‍ර පවත්වාගෙන ගිය 39 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන තිබෙනවා.

පවතින වැසි සහිත කාලගුණය සහ කීට විද්‍යා සමීක්ෂණ වාර්තා අනුව ඉදිරි මාස කිහිපය තුළ ඩෙංගු රෝගය පැතිරයාමේ අවදානමක් පවතින බැවින් මෙම මදුරු මර්දන වැඩසටහන ක‍්‍රියාත්මක කළ බවයි සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටියේ.