Friday, April 19, 2024

General line - 0115112241

රුහුණු විශ්ව විද්‍යාලයේ කැන්ටිමෙන් කුඩු හමුවේ




රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන්ට විකිණීම සඳහා රැගෙන එන්නට ඇති බවට සැක කරන හෙරොයින් කුඩු පැකට් දහයක් සමග තිස් හත් හැවිරිදි පුද්ගලයෙකු  විද්‍යාලයේ ආපන ශාලාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම කුඩු පැකට්ටුවක් රුපියල් 3000කට අලෙවි කර ඇති අතර විශ්ව විද්‍යාලයේ ආපන ශාලාවේ කළමනාකාරිත්වය කරගෙන යන්නේ ද මෙම පුද්ගලයාගේ නෑදෑයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.