Friday, April 26, 2024

General line - 0115112241

ජාතික ගීය ගැන අධිකරණයෙන් තවත් තීන්දුවක්




ජාතික ගීය ද්‍රවිඩ භාෂාවෙන් ගායනා කිරීම අභියෝගයකට ලක් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන ප‍්‍රතික්‍ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) නියෝග කළා.

ඒ අදාළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බලා පෙත්සම විභාගයට නොගෙන ප‍්‍රතික්‍ෂේප කිරීමටයි නියෝග කර ඇත්තේ.

නීතිපතිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදන ඇති බවයි.