Wednesday, April 24, 2024

General line - 0115112241

කතානායකවරයාගේ අසුනේ වෙන කෙනෙක් වාඩිවෙලා




පාර්ලිමේන්තු සභා ගර්භයේ කතානායක අසුනෙහි පිටස්තර පුද්ගලයෙකු අසුන්ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනක් කරන්නැයි කතානායකවරයා පාර්ලිමේන්තු මහලේකම්වරයාට උපදෙස් දී තිබෙනවා.

කතානායකවරයාගේ මාධ්‍ය අංශය පවසන්නේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් අලුවිහාරේගෙන් ලැබුණු පැමිණිල්ලක් සැලකිල්ලට ගෙන කතානායකවරයා මෙම තීරණය ගෙන ඇති බවයි.

පෙරේදා පාර්ලිමේන්තු රැස්වීම අවසන්වීමෙන් පසු සභාව පවිත‍්‍ර කරන අවස්ථාවේ පිටස්තර පුද්ගලයෙකු කතානායක අසුනේ අසුන්ගෙන ඇතැයි අදාළ පැමිණිල්ලේ දැක්වෙනවා.

මෙලෙස චෝදනාවට ලක්වන්නේ පාර්ලිමේන්තුවේම සේවයේ නිරත ඉංජිනේරුවරයෙක්.

මෙම ඉංජිනේරුවරයා කතානායක අසුනේ අසුන්ගෙන සෙසු සේවකයන්ට නියෝග ලබාදුන් බවද පැමිණිල්ලේ වැඩිදුරටත් සදහන් වනවා.