Wednesday, May 8, 2024

General line - 0115112241

දුෂ්කර විහාරස්ථාන සංවර්ධනයට චීනයේ හිමිනමකගෙන් මිලියන 20ක්




උතුරු නැගෙනහිර දුෂ්කර විහාරස්ථාන සංවර්ධනය කිරීමට චීනයේ හිමිනමක් රුපියල් මිලියන 20ක මුදල් පරිත්‍යාගයක් ලබාදී තිබෙනවා.

බුද්ධ ශාසන අමාත්‍යංශය වෙත මෙම මුදල් පරිත්‍යාගය කර ඇත්තේ චීනයේ ග්වාන්දුන් ප‍්‍රදේශයේ බෞද්ධ සංගමයේ සභාපති පූජ්‍ය මින්ග් ෂින් හිමියන් විසින්.

උතුරු නැගෙනහිර පළාත්වල අවම පහසුකම් සහිත තෝරාගත් විහාරස්ථාන 100කට රුපියල් ලක්ෂ දෙක බැගින් මෙම මුදල් ලබාදීමට නියමිතව තිබෙනවා.

බුද්ධ ශාසන අමාත්‍යංශයේ ඍජු අධික්ෂණයෙන් මෙම කටයුතු කි‍්‍රයාත්මකයි.