Tuesday, April 23, 2024

General line - 0115112241

ශී‍්‍ර පාදයට ප්ලාස්ටික් වතුර බෝතල් තහනම් වෙයි




මෙවර වන්දනා සමයේදී ශී‍්‍ර පාදයට පැමිණෙන කිසිවෙකුට පොලිතීන් හෝ ප්ලාස්ටික් වතුර බෝතල් රැගෙන ඒමට අවසර ලබානොදෙන බව නුවරඑළිය දිස්ති‍්‍රක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පී. ඩී. කේ අධිකාරි පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ නල්ලතන්නිය ග‍්‍රාම නිලධාරී කාර්යාලයේ අද (18) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදීයි.

නල්ලතන්නියේ සිට ශී‍්‍ර පාද උඩමලුව දක්වා සියලුම හෝටල්වල පොලිතීන් සහ ප්ලාස්ටික් වතුර බෝතල් අලෙවිය තහනම් කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

ශී‍්‍ර පාද ස්ථානයේ පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමේ අදහසිනුයි එම තීරණය ගෙන ඇත්තේ. මෙවර ශී‍්‍ර පාද වන්දනා සමය උඳුවප් පොහොයෙන් ආරම්භ වනවා.