Wednesday, April 24, 2024

General line - 0115112241

අයවැයට එරෙහිව බන්දුලගෙන් පෙත්සමක්




මෙවර අයවැයට එරෙහිව පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (18) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.

ඒ මෙම අයවැය මගින් ශී‍්‍ර ලංකා මහ බැංකුවේ සහ පාර්ලිමේන්තුවේ බලතල පෞද්ගලික අංශයට පවරාදීමට උත්සහ කර ඇතැයි චෝදනා කරමින්.

භාණ්ඩ හා සේවා සඳහා අන්තර්ජාලය හරහා ගෙවීම් සිදු කිරීමට ජාතික ගෙවීම් ක‍්‍රමවේදයක් හඳුන්වාදීමට සහ විද්‍යුත් හැඳුනුම්පත් ක‍්‍රමයක් හඳුන්වාදීමට අයවැයෙන් කර ඇති යෝජනා මෙමගින් අභියෝගයකට ලක් කර තිබෙනවා.

මෙම පෙත්සමෙන් වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ ශී‍්‍ර ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය, මහ බැංකු අධිපතිවරයා, මුදල් අමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන්.