Friday, April 19, 2024

General line - 0115112241

මව්බිම වෙනුවෙන් කළයුතු දේ ගැන ජනපති පහදයි




මාතෘ භූමිය වෙනුවෙන් කළ යුත්තේ පහසු කාර්යයන් නොව අසීරු කාර්යයන්ට මුහුණ දී ඒවා ජය ගැනීම බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක අද එකම වේදිකාවකට පිවිස සිටින්නේ ඉතිහාසයේ සිදු වූ අඩුපාඩු හා වැරදි නිවැරදි කර ගනිමින් බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

ජනාධිපතිවරයා බුලත්සිංහල මදුරාවල ප‍්‍රදේශයේ අද (18) පෙරවරුවේ කළ සංචාරයකදී මෙම අදහස් පළ කෙරුණා. බෙදීමට වඩා එක්වීම වැදගත් බවයි මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේ.

මදුරාවල මහා විද්‍යාලයේ නව ශ‍්‍රවණාගාරය සිසු අයිතියට පත් කිරීමද මදුරාවල හෙන්රි ජයවර්ධන අනුස්මරණ මහජන පුස්තකාලය ජනාධිපතිවරයා විසින් විවෘත කිරීමද සිදු කෙරුණා.

අඟුරුවාතොට බහුකාර්ය මධ්‍යස්ථානයද ජනාධිපතිවරයා විසින් අද (18) විවෘත කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

15032852_10154565628201327_5626654987046664368_n 15036690_10154565636156327_3883612504942970184_n