Tuesday, April 23, 2024

General line - 0115112241

අන්තවාදීන් නිසා බුද්ධි අංශ ශක්තිමත් කරන්නැයි ඉල්ලයි




මුස්ලිම් අන්තවාදී කණ්ඩායම්වලට එරෙහිව රාජ්‍ය බුද්ධි අංශය තවදුරටත් ශක්තිමත් කළ යුතු බව සිංහල රාවය සංවිධානය පවසනවා.

එහි සභාපති පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පෙන්වා දෙන්නේ ඇතැම් මුස්ලිම් අන්තවාදී කල්ලිවලට දේශපාලඥයින් ද අනුග‍්‍රහය ලබාදෙන බවයි.

ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශවල ක‍්‍රියාත්මක මුස්ලිම් ජාත්‍යන්තර පාසල්වල දී අන්තවාදී ඉගැන්වීම් සිදුවන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඉකුත්දා පාර්ලිමේන්තුවේ දී කියා සිටියා. ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමක දී පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් ප‍්‍රකාශ කළේ දිවයිනේ දිස්ත‍්‍රික්ක කිහිපයක පිහිටි එවැනි මුස්ලිම් ජාත්‍යන්තර පාසල්වල අන්තවාදී ඉගැන්වීම් සිදුවන බවට තමන්ට ද තොරතුරු වාර්තා වී ඇති බවයි.