Friday, April 26, 2024

General line - 0115112241

ඉදිරි විදුලි සැපයුම ගැන පාරිභෝගිකයන් දැනුවත් කරයි




සෑම වර්ෂයකදීම විදුලි ඉල්ලුම සියයට 06 කින් පමණ ඉහළ ගිය ද කිසිඳු කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලි සැපයුම ලබාදීමට අවශ්‍ය සෑම පියවරක්ම අනුගමනය කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසනවා.

එහි සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්ෂණ ජයවර්ධන ප‍්‍රකාශ කළේ නව බලාගාර කිහිපයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවයි.

එමෙන්ම පවතින බලාගාරවල කාර්යක්ෂමතාව වැඩි කිරීමට අවශ්‍ය පියවර අනුගමනය කරන බව ද ඔහු සඳහන් කළා.

විදුලි බලාගාර ඉදිකිරීමේ ප‍්‍රමාදය පිළිබඳ හේතු දක්වන ලෙස මහජන උපයෝගීතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට දන්වා තිබෙනවා. ඒ, යෝජිත බලාගාර කිහිපයක ඉදිකිරීම් තවදුරටත් ප‍්‍රමාද වන බවට ලංකා විදුලිබල මණ්ඩලය ප‍්‍රකාශ කිරීමත් සමගයි.

පවතින තත්වය යටතේ ඉදිරි වසර කිහිපය තුළ දී විදුලි හිගයක් ඇතිවිය හැකි බවටයි වාර්තා වන්නේ. මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් සුලක්ෂණ ජයවර්ධන මේ බව කියා සිටියා. ඔහු වැඩි දුරටත් සඳහන් කළේ පවතින ප්‍රමාදයන්ට හේතුව වී ඇත්තේ අධ්‍යන වාර්තා සඳහා එම කාලය වැය වීම බවයි.

කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලි සැපයුම ලබාදීමට නිසි කළමනාකාරීත්වයකින් යුතුව සැලසුම් සකස් කර ඇති බව ද සුලක්ෂණ ජයවර්ධන අවධාරණය කළා.