Tuesday, September 17, 2024

General line - 0115112241

බැසිල් අධිකරණයේ පිහිට පතයි




වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා මාස 3ක කාලයකට අමෙරිකාවට යාමට අවසර ලබාදෙන්නැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කොළඹ මහාධිකරණයෙන් අද (22) ඉල්ලීමක් කළා. ඒ, සිය නීතිඥවරුන් හරහා මෝසමක් ඉදිරිපත් කරමින්.

කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාළව බැසිල් රාජපක්ෂ විදෙස් ගමන් තහනමකට ලක්ව සිටිනවා.

දියවැඩියාව සහ හෘද රෝගයකින් පෙලෙන බවත් ඊට අවශ්‍ය ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා දෙසැම්බර් මස 10 වෙනිදා සිට මාර්තු මස 02 වෙනිදා දක්වා වූ කාලසීමාවේදී තමන්ට අමෙරිකාවට යාමට අවසර ලබාදෙන ලෙසත් අදාළ මෝසමෙන් ඔහු ඉල්ලා තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ ඉල්ලීමට නීතිපතිවරයා විරෝධය පළ කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ. ඒ අනුව අදාළ විරෝධතා සලකා බැලීම සඳහා මෙම මෝසම ලබන 25 වෙනිදා කොළඹ මහාධිකරණයේදී යළි කැඳවීමට නියමිතයි.