ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් අද පෙරවරු 9යි 25 සිට පෙරවරු 9යි 27 දක්වා රට පුරා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පැවැත්වීමට නියමිතයි.
ඒ, සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කිරීම සඳහායි.
මෙවර ජාතික සුරක්ෂිත දින ප්‍රධාන සැමරුම් උත්සවය ආරක්ෂක අමාත්‍යාංශ ආපදා කළමනාකරණ අංශ පරිශ්‍රයේදී පැවත්වීමටයි නියමිතව ඇත්තේ.
මේ අතර සුනාමි ඛේදවාචකය සිදු වූ අවස්ථාවේ පැරෑලිය දුම්රිය ස්ථානයේදී අනතුරට පත් මගීන් සහ දුම්රිය සේවකයින් සිහිපත් කිරීම සඳහා අද පෙරවරු 6.50ට කොළඹ කොටුවේ සිට බෙලිඅත්ත බලා විශේෂ දුම්රියක් ධාවනයට එක් කර තිබුණා.
පැරෑලියේදී සුනාමියට හසු වූ දුම්රිය එන්ජිම යොදා ගනිමින් මෙම දුම්රිය ධාවනය කිරීම විශේෂත්වයක්.