Thursday, December 26, 2024

General line - 0115112241

සුනාමි ව්‍යසනයට විසි වසරක් සපිරෙන අද ජාතික සුරක්ෂිත දින සැමරුමක්




සුනාමි ව්‍යසනයට විසි වසරක් සපිරෙන අද ජාතික සුරක්ෂිත දින සැමරුම පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. 

ඒ, දිවයින ආපදා ප්‍රත්‍යස්ථ සමාජයක් බිහි කිරීම, ප්‍රජා දැනුවත් කිරීම, ආපදා පෙර සූදානම ඇති කිරීම අරමුණු කර ගනිමින්. 

“ආපදා ප්‍රත්‍යස්ථිත ප්‍රජාවක් - දශක දෙකක සුනාමි ප්‍රත්‍යවේක්ෂණය” මෙවර එහි තේමාව වනවා. 

ඒ අනුව ජාතික මටමින් සහ දිස්ත්‍රික් මට්ටමින් තරුණ ප්‍රජාව සහ ස්වේච්ඡා කණ්ඩායම් දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කළ බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ.


ආපදා අවම කිරීමට හා හානිය අවම කිරීමට මෙතෙක් ගෙන ඇති පියවර සාර්ථක ද?



ජාතික සුරක්ෂිත දිනය” වෙනුවෙන් අද පෙරවරු 9යි 25 සිට පෙරවරු 9යි 27 දක්වා රට පුරා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වා සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කිරීමට නියමිතයි.  

මෙවර “ජාතික සුරක්ෂිත දිනය” ප්‍රධාන සැමරුම් උත්සවය ආරක්ෂක අමාත්‍යාංශ ආපදා කළමනාකරණ අංශ පරිශ්‍රයේ දී පැවත්වීමටයි නියමිතව ඇත්තේ.