Friday, May 17, 2024

General line - 0115112241

හිඟන්නන්ටත් කෝටි ගණනින් පොලු තියන “Expo Lanka” සහ “Rajadhani Expresss”



දුම්රිය දෙපාර්තමේන්තුවට අයවිය යුතු රුපියල් මිලියන සියයක මුදලක් මෙතෙක් නොගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි දුම්රිය වෘත්තීය සමිති, අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරනවා. 2011 වසරේ සිට පෞද්ගලික ආයතන දෙකකින් අදාළ මුදල් දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබිය යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් එස්.පී. විතානගේ මහතා මේ පිළිබඳව සඳහන් කළේ මේ වන විට “Expo Lanka” සමාගමෙන් රුපියල් මිලියන 70 ක් සහ “Rajadhani Expresss” සමාගමෙන් රුපියල් මිලියන 30 ක් වශයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට අය විය යුතුව ඇති බවයි. දුම්රිය සේවය වාර්ෂිකව පාඩු ලබන්නේ මෙවැනි වංචා, දූෂණ සහ සොරකම් හේතුවෙන් බවයි ප‍්‍රධාන ලේකම්වරයා පෙන්වා දුන්නේ.

(ශීර්ෂ පාඨයට “හිඟන්නන්ටත්“ යන වචනය භාවිත කරන ලද්දේ දුම්රිය දෙපාර්තමේන්තුවට අපහාසයක් කිරීමේ අරමුණින් නොව, දුම්රිය දෙපාර්තමේන්තුව වසර ගණනාවක් තිස්සේ පාඩු ලබමින් ඇති රාජ්‍ය ආයතනයක් බව දැන දැනත් මෙම පුද්ගලික සමාගම් එවැනි ආයතනයකටත් කරනු ලබන වංචනික ස්වභාවය ඉස්මතු කිරීමටය.)