Sunday, November 24, 2024

General line - 0115112241

ඇයවැයෙන් රටටම දඩ වදිද්දි ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට වැදුණ දඩය




බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති එක්දින ක්‍රිකට් තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමට දඩ පනවා තිඛෙනවා.

ඒ, නියමිත කාල සීමාව තුළ සිය පන්දුවාර සංඛ්‍යාව අවසන් නොකිරීම හේතුවෙන්.

ඒ අනුව කණ්ඩායමේ නායක උපුල් තරංගට තරග ගාස්තුවෙන් සියයට 40 ක දඩයක් පනවා තිඛෙනවා.

කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් සියයට විස්සක දඩයක් පැනවීමටයි තරග තීරක ජවගල් ශ්‍රීනාත් කටයුතු යොදා ඇත්තේ.

යම් හෙයකින් උපුල් තරංග මෙම චෝදනාවට යළිත් වරක් ලක්වුවහොත් ඔහුට තරග තහනමක් පනවනු ඇති.

කොදෙව් කණ්ඩායම සමග ඊයේ පැවති තරගයෙන් ශ්‍රී ලංකා පිල ජය ගත්තේ එක් ලකුණකින්.