Friday, September 20, 2024

General line - 0115112241

පාසල් සිසුවෙකුගෙන් පොලිසියට බොරු පැමිණිල්ලක්




සුදු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක් තමා පැහැරගෙන ගොස් පහරදී හන්තාන ප‍්‍රදේශයේ අතරමං කළ පාසල් සිසුවෙකු කළ අසත්‍ය පැමිණිල්ලක් සම්බන්ධයෙන් මහනුවර පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අදාළ සිසුවා මහනුවර ප‍්‍රදේශයේ විද්‍යාලයක 11වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නෙක්.

ඔහු සිය මිතුරන් පිරිසක් සමග හන්තාන ප‍්‍රදේශයේ ලැගුම්හලකට ගොස් මත්පැන් සාදයක් පවත්වා තිබෙනවා.

නිවසට යාමට බියෙන් ඔහු සිය මිතුරෙකු හරහා දෙමව්පියන්ට අසත්‍ය තොරතුරක් ලබා දී ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය වැඩිදුරටත් විමර්ශන මෙහෙයවනවා.