Friday, September 20, 2024

General line - 0115112241

අද රට පුරා වෛද්‍ය වර්ජනයක් – පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානත් වැසේ




රට පුරා වෛද්‍යවරුන් අද (30) උදෑසන 8.00 සිට පැය 24ක සංකේත වැඩවර්ජනයක නිරත වනවා. අයවැයේ ඇතුළත් අහිතකර යෝජනාවලට විරෝධය පළ කරමින් මෙම වැඩවර්ජනය සිදුකරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ. හදිසි ප්‍රතිකාර සේවා පමණක් පවත්වාගෙන යන බව පවසන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ළමා රෝහල්, කාන්තා රෝහල්,පිළිකා රෝහල, වකුගඩු ඒකක සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව පවසනවා. පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානද මේ කාලය තුල වසා තබන බව පවසන්නේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කැඳවන ලද මෙම වැඩවර්ජනය අසාධාරණ එකක් බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. ඊට මුහුණදීමට ද සූදානම් බවයි ඔහු කියා සිටියේ.