Friday, April 19, 2024

General line - 0115112241

ට්‍රම්ප් නිසා චීනය නොසන්සුන්




අමෙරිකාවේ ජනාධිපති පදවියට තේරී පත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සහ තායිවාන් ජනාධිපතිනි සායි ඉංග්‍ වෙන් අතර පැවැත්වුන දුරකථන සාකච්ඡාවක් සම්බන්ධයෙන් චීනය සිය අප්‍රසාදය පළකර ඇති බව විදෙස් වාර්තා පවසනවා.

අමෙරිකා එක්සත් ජනපදය විසින් චීනය පිළිගනු ලැබීමෙන් අනතුරුව 1970 දශකයේ පටන් වොෂින්ටන් පාලනය තායිවානය සම්බන්ධයෙන් අනුගමනය කරමින් සිටි පිළිවෙතේ වෙනසක් එම දුරකථන කතාබහත් සමඟ සිදුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එවැනි සාකච්ඡාවක් අමෙරිකානු පාර්ශවයට නොවැදගත් දෙයක් වන බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

තායිවානය චීනයෙන් වෙන්වී කටයුතු කරන නමුත්, එම භූමිය චීනයට අහිමි කළ නොහැකි බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශ වාර්තාවේ සඳහන් වෙනවා.

එබැවින් අමෙරිකා එක්සත් ජනපදය තායිවානය සම්බන්ධයෙන් ඉතා කල්පනාකාරීව කටයුතු කළ යුතු බව චීනය කියා සිටිනවා.

අමෙරිකාව සහ තායිවානය අතර තිබුණු රාජතාන්ත්‍රික ප්‍රතිපත්තිය දශක කීපයකට පෙර කඩාවැටීම පිළිබඳ ඩොනාල්ඩ් ට්‍රම්ප් සහ තායිවාන ජනාධිපතිනි සායි ඉංග්‍ වෙන් සාකච්ඡා කළ බවයි වාර්තා වන්නේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ තායිවාන් ජනාධිපතිනි සංග් ඉංග්‍ අතර සිදු වූ එම දුරකතන සාකච්ඡාව මෙතෙක් අනුගමනය කෙරුණ රාජ්‍යතාන්ත්‍රික පිළිවෙතේ පීලිපැනීමක් හැටියට විග්‍රහ කරන චීන විදේශ ඇමති වැන්ග් යී, එම සංවාදය තායිවානයේ ‘කපටිකමක’ ප්‍රතිපලයක් බවත් පැවසුවා.