Thursday, December 26, 2024

General line - 0115112241

ගල් පහර කෑ සෙබළා තවම රෝහලේ




පෞද්ගලික බස් රථ සේවකයින් වැඩ වර්ජනය කළ දිනයේ දී ලංගම බස් රථයකට එල්ල වූ ගල් ප‍්‍රහාරයකින් තුවාල ලැබූ යුද හමුදා සෙබළෙකු මැදවච්චිය රෝහලේ තවදුරටත් ප‍්‍රතිකාර ලබනවා.

ඔහු රාජකාරී නිවාඩු ලබා නිවස බලා යමින් සිටිය දී මෙම අනතුරට මුහුණ දුන්නා.

යාපනයේ සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයකට මැදවච්චිය ඊරියගොල්ලෑව ප‍්‍රදේශයේ දී කිසියම් පිරිසක් ගල් ප‍්‍රහාරයක් එල්ල කර තිබුණා.

ඉන් තුවාල ලැබූ යුද හමුදා සෙබළා තවදුරටත් මැදවච්චිය රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.

වර්ජනය ක‍්‍රියාත්මක වූ දිනයේ දී විවිධ පාර්ශව එල්ල කළ මෙවැනි ප‍්‍රහාරවලින් මගීන්, රියදුරන් සහ කොන්දොස්තරවරුන් ඇතුළු 23 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන සඳහන් කළේ බස් රථ 128 කට අලාභ හානි සිදුව ඇති බවයි.

බස් රථවලට පහරදුන් පුද්ගලයින් 24 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.