Tuesday, May 7, 2024

General line - 0115112241

ලක්ෂ 75ක හොර සිගරට් අලවතුගොඩදී අල්ලයි




නීති විරෝධි ලෙස ශ‍්‍රී ලංකාවට ගෙන්වූ දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු මහනුවර අලවතුගොඩ ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අලවතුගොඩ පොලිසිය විසින්.

අලවතුගොඩ නගරයේ හදිසි රථවාහන පරීක්ෂාවක් සිදු කර ඇති අවස්ථාවේ මොටර් රථයක තිබී මෙම දුම්වැටි තොගය සොයාගැනුනා.

එහි තිබී නීතීවිරෝධී දුම්වැටි එක් ලක්ෂ පනස් දහසක් අඩංගු දුම්වැටි කාටූන් 75ක් කාර් රථයක තිබී අත් අඩංගුවට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 75ක් පමණ වන බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරු මාතලේ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරු එම දුම්වැටි තොගය විකිණීම සඳහා රැගෙන යමින් සිටිය දී අත්අඩංගුවට ගැණුනු බවයි අලවතුගොඩ පොලිසිය සඳහන් කළේ.

alawathugoda-www-nethnews-lk001 alawathugoda-www-nethnews-lk002 alawathugoda-www-nethnews-lk003  alawathugoda-www-nethnews-lk005 alawathugoda-www-nethnews-lk006 alawathugoda-www-nethnews-lk007 alawathugoda-www-nethnews-lk008 alawathugoda-www-nethnews-lk009