Monday, April 29, 2024

General line - 0115112241

බොරැල්ල කනත්ත වටරවුම, ඩඩ්ලි සේනානායක වටරවුම වෙයි (PHOTOS)




ප‍්‍රබුද්ධ නායකයින්ගේ ගුණ වයමින් ඔවුන්ගේ ප‍්‍රතිමා ඉදිකරනවා සේම නවක දේශපාලඥයින් එම නායකයින්ගේ චරිත අධ්‍යයනය කර ආදර්ශද ලබා ගත යුතු බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා ඒ බව පැවසූවේ බොරැල්ල කනත්ත වටරවුම, ඩඩ්ලි සේනානායක වටරවුම ලෙස නම් කිරීම වෙනුවෙන් අද (11) පැවති උත්සවයකදී.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාද කතානායක කරු ජයසූරිය සහ රුක්මන් සේනානායක ඇතුළු සේනානායක පවුලේ ඥාතීන්ද මෙම අවස්ථාවට සහභාගී වි සිටියා.

බොරැල්ල කනත්ත වටරවුමේ අළුතින් ඉදි කෙරුණු අභාවප‍්‍රාප්ත ඩඞ්ලි සේනානායක මහතාගේ පිළිරුවක් විවෘත කිරීමද මෙහිදී සිදු කෙරුණා.

ජන හද දිනූ නායකයකුගේ මතක සැමරුම නමින් ඩඞ්ලි සේනානායක චරිතය පිළිබඳ ලියවුණු ග‍්‍රන්ථයක් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමද මෙම අවස්ථාවේදී සිදු කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

ඩඞ්ලි සේනානායක මහතා ශ‍්‍රි ලංකාවේ හිටපු අග‍්‍රාමාත්‍යවරයෙක්. ඔහු අභාවප‍්‍රාප්ත වූයේ 1973 වසරේදීය.

borella-www-nethnews-lk001 borella-www-nethnews-lk002 borella-www-nethnews-lk003 borella-www-nethnews-lk004 borella-www-nethnews-lk005 borella-www-nethnews-lk006 borella-www-nethnews-lk007 borella-www-nethnews-lk008 borella-www-nethnews-lk009