Friday, September 20, 2024

General line - 0115112241

ගාලූ මුවදොර ලොකුම නත්තල් ගසට කිතුනුවන්ගෙන්ම විරෝධයක්




ගාලූ මුවදොරපිටියේ ඉදිකෙරෙන ලොව විශාලතම නත්තල් ගසේ ඉදිකිරීම් නැවත ආරම්භ කිරීමට අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා මැදිහත්වීම පිළිබඳ විරෝධය පළ කරන බව කිතුජන සහයෝගිතා ව්‍යාපාරය පවසනවා.

ආගමික වශයෙන් වැදගත් කරුණක් දේශපාලනික සහ ආර්ථීක අරමුණු වෙනුවෙන් යොදා ගැනීමට තමන් විරුද්ධ බවයි එම සංවිධානයේ සාමාජික සරත් ඉද්දමල්ගොඩ පියතුමන් ප්‍රකාශ කළේ.

ගාලූමුවදොර ඉදිවන නත්තල් ගස පමණක් නොව එවැනි ආකාරයේ සියලූ කටයුතු කිතුනු දහමට පටහැනි බවයි සරත් ඉද්දමල්ගොඩ පියතුමන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ.