Sunday, December 22, 2024

General line - 0115112241

ශ‍්‍රී ලාංකිකයෙකුට අමෙරිකාවෙන් චෝදනා




ශ‍්‍රී ලාංකික ආයෝජකයෙකු බව කියන පුද්ගලයෙකු ඇතුළු හය දෙනෙකුට අමෙරිකානු අධිකරණය මුදල් විශුද්ධිකරණය යටතේ චෝදනා ගොනු කර තිබෙනවා.

ඒ, අමෙරිකානු ඩොලර් මිලියන පනහකට අධික මුදලක් වංචා කිරීමේ චෝදනාව යටතේයි.

අධික ලාභ ලබාදෙන බව පවසමින් රියෙන්සි එඩ්වඩ් නමැති ශ‍්‍රී ලාංකිකයා ඇතුළු හය දෙනා ලොව විවිධ රටවල පුද්ගලයින්ගෙන් මෙලෙස මුදල් වංචා කර තිබෙනවා.

2013 වසරේ ජූලි මාසයේ සිට මෙම වසරේ අගෝස්තු මාසය දක්වාම මොවුන් මෙම වංචාව සිදුකර ඇති බවයි අමෙරිකානු මාධ්‍ය වාර්තා අනාවරණ කළේ.