Friday, September 20, 2024

General line - 0115112241

තරුණ නායකයින්ගේ තීරණාත්මක දිනය අදයි




ග‍්‍රාමීය මට්ටමේ තරුණ නායකයින් ජාතික දේශපාලනයට යොමු කරවීමේ අරමුණින් ක‍්‍රියාත්මක යොවුන් පාර්ලිමේන්තුවට සභිකයින් තෝරා ගැනීමේ මැතිවරණය අද (18) පැවැත්වෙනවා.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්ද වැලිඅංගේ පැවසුවේ ඡන්ද මධ්‍යස්ථාන 700 ක දී මැතිවරණය පැවැත්වෙන බවයි.

හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ මේ සඳහා අපේක්ෂකයින් දහසකට වැඩි පිරිසක් සහභාගි වන බවයි. තුන්ලක්ෂ පන්දහස ඉක්මවූ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවක් ඇති බවත් සඳහන් කළා.