Friday, September 20, 2024

General line - 0115112241

වසය 64 යි – මෙවරත් O/L කරයි




මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි 64 හැවිරිදි අපේක්ෂකයෙකු පිළිබඳව තොරතුරු වාර්තා වුණා.

එම්. සමරතුංග නැමැති ඔහු බලංගොඩ වැලිගෙපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

1971 වසරේ දී පළමු වරට අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී ඇති සමරතුංග එහිදී විෂයන් 06 ක් සම්මාන 03 ක් සහිතව ප්‍රතිපල ලැබී තිබෙනවා.

පසුව 1972 වර්ෂයේදීද දෙවන වරටත් සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දී ඇති ඔහු විෂයන් 07 ක් සම්මාන 04 ක් සහිතව ප්‍රතිපල ලබාගෙන තිබෙනවා.

ලංගම ඩිපෝවේ කාර්මික සේවකයෙකු ලෙස සේවය කර ඇති සමරතුංග මහතා 2010 වසරේදී විශ්‍රාම ලබා තිබෙනවා.

දෙමළ භාෂාවට ඇති ආදරයත් ආශාවත් නිසා ඔහු මෙවර යළි අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඇත්තේ දෙවන බස වන දෙමළ භාෂා විභාගයට මුහුණදීම සඳහායි.

unnamed-1 unnamed