Friday, September 20, 2024

General line - 0115112241

“සියලු ආණ්ඩුකාරවරුන්ගේ බලතල කප්පාදු කළ යුතුයි” – උතුරෙන් කියයි




සියලුම පළාත් ආණ්ඩුකාරවරුන්ගේ බලතල කප්පාදු කළ යුතු බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.

උතුරු පළාත් සභා සභාපති සී. වී. කේ. ශිවඥානම් පැවසුවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ දී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවයි.

ආණ්ඩුකාරවරයාගේ බලතල කප්පාදු කළ ද ඔහු පත් කිරීමේ බලය ජනාධිපතිවරයා සතුව තිබිය යුතු බවයි උතුරු පළාත් සභා සභාපතිවරයා අවධාරණය කළේ.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්. කේ. සිවාජිලිංගම්ගෙන් ද විමසීමක් කළා. ඔහු පැවසුවේ ආණ්ඩුකාරවරයා යන වචනයෙන්ම ඔහුට අසීමිත බලයක් පැවරී ඇති බව ගම්‍ය වන බවයි.