Friday, September 20, 2024

General line - 0115112241

රජයේ ආරක්ෂිත ‘වී’ අද සිට වෙළඳපොලට




වී අලෙවි මණ්ඩලය සතු ආරක්ෂක වී තොග වෙළඳපොලට මුදා හැරීම අද (19) සිට ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලය පවසනවා.

ඒ, උත්සව සමයත් සමග වෙළඳපොලේ ඉහළ ගොස් ඇති සහල් මිල පාලනය කිරීමේ අරමුණින්. මෙම වී තොගය මෝල් හිමියන් වෙත අද සිට නිකුත් කිරීමටයි තීරණය කර ඇත්තේ.

වර්තමාන තත්වය පිළිබඳ නෙත් නිවුස් වී අලෙවි මණ්ඩලයේ සභාපති එම්. බී. දිසානායකගෙන් ප‍්‍රශ්න කළා.

එහිදී ඔහු සඳහන් කළේ “මේ වෙන කොට වී අලෙවි මණ්ඩලය සතුව කන්න කිහිපයකදී ලබා ගත් වී මෙට්ට්‍රික් ටොන් දෙලක්ෂ නමදාහක පමණ වී තොගයක් තියෙනවා. දැන් දිස්ත්‍රික් මට්ටමින් මෙම වී තොග නිකුත් කරන්නට පියවර ගෙන තිබෙනවා. කෙසේවෙතත් එකවර වෙළඳපොල වෙත මෙම වී තොග නිකුත් කරන්නෙ නැහැ. ක්‍රමාණුකූලව තමයි එම කටයුතු සිදු කරන්නේ.” යනුවෙනි.

සහල් මිල පාලනය කිරීමට හා සහල් හිගයක් ඇතිවීම වැළැක්වීමට සහල් මෙටි‍්‍රක් ටොන් දස දහසක් ආනයනය කර බෙදා හැරීමටයි රජය තීරණය කර ඇත්තේ. මේ වනවිට වෙළෙඳපොලේ නාඩු සහල් කිලෝග‍්‍රෑම් 01 ක් අලෙවි වන්නේ රුපියල් 90 ත් 95 ත් අතර මිලකටයි.

සම්බා කිලෝග‍්‍රෑම් 01 ක මිල ද රුපියල් 95 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වෙඳෙපොල ආරංචි මාර්ග පවසනවා.

මේ අතර ඉහළ ගොස් ඇති සහල් මිල හේතුවෙන් බත් පාර්සලයක මිල අද සිට රුපියල් දහයකින් ඉහළ නැංවීමටයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය ද තීරණය කර ඇත්තේ.