Friday, September 20, 2024

General line - 0115112241

‘රණවිරුවන්ගේ අභිමානය පහත වැටෙන්න දෙන්නෙ නැහැ’




රණවිරුවන් ආරක්ෂා කිරීම සඳහා වත්මන් රජය තවදුරටත් කැපවී සිටින බව ෆීල්ඞ් මාර්ෂල්, අමාත්‍ය සරත් ෆොන්සේකා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ පැවති 90 වැනි විසිර යාමේ උත්සවය අමතමින්.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ෆීල්ඞ් මාර්ෂල්, අමාත්‍ය සරත් ෆොන්සේකා සඳහන් කළේ රණවිරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් අවශ්‍යකරන පියවරයන් වර්තමානයේදී රාජය විසින් ක්‍රියාත්මක කරමින් ඇති බවයි. ජනාධිපතිතුමා සහ අගමැතිතුමා විසින් තමාට පැවසූ පරිදි රණවිරුවාගේ අභිමානය පහත වැටෙන ආකාරයේ කිසිඳු ක්‍රියාවක් රජය අනුමත කොනරන බවත් ඔහු සඳහන් කළා.