Friday, September 20, 2024

General line - 0115112241

රිය අනතුරක් සිදුකළ ඇමති පුතෙකුට ඇප




රිය අනතුරක් සිදු කර යතුරු පැදිකරුවෙකුට බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිටි මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පුත් ඔසඳ යාපා අබේවර්ධන අද (19) ඇප මත මුදාහැරුණා. ඒ කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයාගේ නියෝගයකට අනුවයි.

ඒ අනුව ඔසඳ යාපා අබේවර්ධන රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරුණා. ඊයේ (18) උදෑසන කොළඹ නොළුම් පොකුණ මාවතේ සිදු වූ රිය අනතුරකින් යතුරු පැදිකරුවෙකු බරපතල තුවාල ලබා ඇති බව කුරුඳුවත්ත පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප‍්‍රකාශ කළා.

කෙසේ වෙතත් ඔසඳ යාපා අබේවර්ධනගේ නීතිඥයන් අධිකරණය හමුවේ කියා සිටියේ තුවාල ලැබූ පුද්ගලයා වෙනුවෙන් තම පාර්ශ්වයෙන් රුපියල් එක්ලක්ෂ විසිපන්දහසක මුදලක් මේ වන විටත් ලබාදී ඇති බවයි.

සිද්ධියට අදාළ නඩුව පෙබරවාරි මස 27 වැනිදා යළි කැඳවීමට නියමිතයි.