Friday, September 20, 2024

General line - 0115112241

පාසිකුඩා වෙරලේ නාවික හමුදාව හදිසි මෙහෙයුමක




ශී‍්‍ර ලංකා නාවික හමුදාව පාසිකුඩා වෙරළ තීරයට කිලෝමීටර් 12ක් පමණ දුරින් වූ මුහුදේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ඒ ධීවරයින් පිරිසක් ලබාදුන් තොරතුරකට අනුවයි.

ගුවන් යානයක් වැනි යමක් මුහුදේ ගිලෙමින් ඇති බව තමන් නිරීක්ෂණය කළේ යැයි එම ධිවරයන් ප‍්‍රකාශ කර තිබෙනවා.

ධීවරයින් ලබාදුන් තොරතුරකට අනුව ති‍්‍රකුණාමලය නාවික හමුදා කඳවුරේ සෙබළුන් පිරිසක් අදාළ ප‍්‍රදේශයේ මෙහෙයුමක් ආරම්භ කළා.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කපිතාන් අක‍්‍රම් අලෙවිගෙන් විමසීමක් කළා. ඔහු පැවසුවේ ධීවරයන් පැවසූ පරිදි මුහුදේ ගිලුනු වස්තුවක් පිළිබඳ මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී ඇති බවයි.