Friday, September 20, 2024

General line - 0115112241

අපහාස කරන වෙබ් අඩවිවලට ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්




අපහාසාත්මක කරුණු වාර්තා කරන අන්තර්ජාල වෙබ් අඩවිවලට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

විනිශ්චයකාරවරුන්ගේ වාර්ෂික සමුළුවට අද (19) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

“මාධ්‍ය තුළ , පාර්ලිමේන්තුවේ විවාද තුළ අහගෙන හිටියා අධිකරණ ක්ෂේත්‍රයේ කටයුතු කරන විනිශ්චයකාරතුමාලට අන්තර්ජාලය, මාධ්‍ය හරහා ඇතැම් වෙලාවට කරන නොයෙකුත් අසාධාරණ , අවිනීත වූ විවේචනයන් සහ අසත්‍ය ප්‍රචාරයන් පිළිබඳව. මේ වෙබ් අඩවි අද ඒ තිබෙන නිදහස ඉතාමත් වැරදි විදිහට පාවිච්චි කරනවා. අපිට දේශපාලඥයෝ විදිහට නම් මේ නින්දා , අපහාස , චරිත ඝාතන හොඳට හුරුයි. මේවා වැලැක්වීම සඳහා නීතිමය වශයෙනුත් ගතයුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගතයුතුයි”.

විවිධ වෙබ් අඩවි ඔස්සේ තමන්ට එල්ල වන මඩ ප‍්‍රචාර සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මෙහිදී මෙලෙස අදහස් දැක්වූවා.

“අන්තර්ජාලය තුළින් , වෙබ් අඩවි තුළින් දවසේ වැඩිපුරම මේ රටේ නින්දා අපහාස විඳින කෙනා මම තමයි ඒ වාර්තාව වෙන කාටවත් කඩන්න පුළුවන් කමක් නැහැ. මට තමයි වැඩිපුරම ඒවා හම්බවෙන්නේ. ඉතිං මමනම් කරන්නේ ඒවා බලන්නේ නැහැ. මම මගේ නෝනටත් , දරුවන්ටත් කියලා තියෙන්නේ වෙබ් සයිට් බලන්න එපා , ඕකට යන්න එපා හොඳම දේ දවසේ තියෙන වැඩ ටික කරනවා මිසක් ඕවට ගිහිල්ලා අපි මොනවටද ඒවා පස්සේ යන්නේ කියලා”.

news-www-nethnews-lk001 news-www-nethnews-lk004