Friday, September 20, 2024

General line - 0115112241

ආබාධිත රණවිරුවන් ඇතුළු පිරිසකට අධිකරණයෙන් නොතිසි




සේවා විශ‍්‍රාම වැටුප ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරත වූ ආබාධිත රණවිරුවන් පිරිසකට සහ ඊට සහාය දැක්වූ සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසකට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වමින් අද (19) නොතීසි නිකුත් කෙරුණා.

කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කළේ ලබන ජනවාරි මස 27 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.

ඒ අනුව අදාළ විරෝධතාවට සහභාගි වූ රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ කෝප‍්‍රල් වසන්ත , දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ සාමාජික ආචාර්ය ගුණදාස අමරසේකර සහ පුජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් ඇතුළු කි‍්‍රයාකාරීන් පස්දෙනෙකුට මෙලෙස නොතීසි නිකුත් කෙරුණා.

අදාළ විරෝධතාවයෙන් මහජනතාවට පීඩා සිදුවූ බව පවසමින් කොටුව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.